මුල් ප්රභවය
පියයුරෙහි ගැටිත්තක් හෝ ඝනකම්වූ ප්‍රදේශයක් තිබීම, පියයුරු පිලිකාවෙන් පෙලෙන කාන්තාවන්ට පලමුවෙන්ම නිරීක්ෂණය වන රෝග ලක්ෂණයයි. මෙසේ පියයුරෙහි ඇතිවන ගැටිති බොහෝමයක් (90% පමණ) පිළිකාමය නොවේ. නමුත් සෑමවිටම එය ඔබගේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරවා ගැනීම නුවණට හුරු වේ. ඔබට පහත ලක්ෂණ වලින් එකක් හෝ දක්නට ලැබුනහොත් ඔබගේ වෛද්‍යවරයා මුණගැසිය යුතුය:
පියයුරෙහි වේදනාවක් ඇති වීම සාමාන්‍යයෙන් පියයුරු පිළිකා තත්ත්වයේ රෝග ලක්ෂණයක් නොවේ.
පියයුරු පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ. එවිට ඔබට ඒවායේ ඇති වන ඕනෑම වෙනසක් ඉතා ඉක්මණින් හඳුනා ගත හැකිය. ඔබගේ පියයුරු වල සාමාන්‍ය ස්වභාවය කෙසේ දැයි දැනගැනීම-උදාහරණයක් ලෙස ඔබගේ ජීවිත කාලයේ විවිධ අවධි වල දී ඔබගේ පියයුරු වල පෙනුම සහ ස්වභාවය වෙනස් විය හැකිය. ඇති වීමට ඉඩකඩක් ඇති ගැටළු පහසුවෙන් හඳුනා ගැනීමට එමගින් වඩාත් පහසු වනු ඇත.